02nd February 2018 23:42:17 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත 57 වන සේනාංක මූලස්ථානය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සහයෝගය ඇතිව කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩමුළුවක් පැවැත්විණි.
මෙම වැඩමුළුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ අධීක්ෂණය යටතේ පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ ගොල්ෆ් ක්‍රීඩා උපදේශක අනිල් පෙරේරා මහතා ගේ සහයෝගය ඇතිව මෙම වැඩමුළුව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ගොල්ෆ් ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පුහුණුවැඩසටහන දියත් කරන ලදි.
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් පවත්වනු ලැබු මෙම ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩමුළුව අනුරාධපුර, ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් හෙරිටේජ් (Eagles’ Heritage ) ගොල්ෆ් පිටියේ දී පවත්වනු ලැබීය.
මෙම හඳුන්වාදීමේ වැඩමුළුව පැවැත්වීමට පෙර කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 50 දෙනෙකු සඳහා තෝරා ගැනීමේ කඳවුරක් ද පවත්වන ලදී.
වසර 30 ක යුද්ධයෙන් පීඩාවට පත් කිලිනොච්චි ප්‍රදේශයේ තරුණ පරම්පරාවේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නැංවීම සඳහා මෙම වැඩමුළුව පවත්නු ලැබීය.
මෙම පුහුණු සැසිය උතුරු පළාත ආවරණය කරමින් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩංගනයේ දී සති අන්තයේ පැවැත්වීමට නියමිතව ඇත.
මෙම පුහුණු සැසිය, ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සුදුසුකම් ලත් උපදේශකයින් තිදෙනෙකු වන එච්.එල්.පී. හේමන්ත මහතා, කේ. සෞදරාජ් මහතා සහ ඉෂාන් ගමගේ මහතා විසින් පවත්වනු ලැබීය.
bridgemedia | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers