Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2018 13:45:30 Hours

ගැමුණු හේවා බලකායේ ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතියට ‘ආර්යා පදනමේ’ සහයෝගය

ගැමුණු හේවා බලකායේ රාජකාරි කරනු ලබන ආබාධිත නිලධාරි සහ සෙසුනිලයින්ගේ මානසික සංවර්ධනය උදෙසා ආර්යා පදනමේ සහයෝගය ඇතිව ‘උදාරයි ඔබ’ යන මැයෙන් මානසික සංවර්ධන වැඩසටනක් සහ පරිත්‍යාග වැඩසටහනක් සෙනසුරාදා (27) දින රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යුද්ධයෙන් ආබාධිත වූ සහ අනෙකුත් ආබාධිතයන්ගේ හැකියාවන් හඳුනාගැනීමේ සහ ඔවුන් දිරීගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වන ගැමුණු හේවා බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ සංකල්පයකට අනුව පවත්වනු ලැබීය.

‘ආර්යා පදනමේ’ පූර්ණ සහයෝගය ඇතිව පැවැත්වූ මෙම වැඩසටහනේ දී ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කිහිලිකරු යුගල් 100 ක්, සනීපාරක්ෂක කට්ටල 20 ක් ද ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි පුස්තකාලය සඳහා රූපවාහිනි යන්ත්‍රයක් සහ පොත්පත් ද පරිත්‍යාග කරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ආර්යා පදනමේ විධායක නිලධාරි හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික), ආර්යා පදනමේ සභාපති චරිත් කිරිඇල්ල, නියෝජ්‍ය විධායක නිලධාරි හා ප්‍රවීණ රංගන ශීල්පි බන්දු සමරසිංහ, ඩග්ලස් රණසිංහ, ආචාර්ය ආරියරත්න කලුආරච්චි, ආශ්චර්යා පීරිස් මහත්මිය, වෘත්තීයවේදින් හා ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුළු ආර්යා පදනමේ සාමාජිකයින් සහභාගි වූහ.

තම වටිනා කාලය මිඩංගු කරමින් මෙම වැඩසටහනට සහභාගිවීම සබැඳිව ගැමුණු හේවා බලකා රෙජිම්න්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජයම්පත්ති තිලකරත්න විසින් හිටපු යුද්ධ හමුදාධිපති සහ ‘ආර්යා පදනමේ’ සාමාජිකයින් වෙත සමරු තිළිණ පිරිනැමුහ.

ඉන්පසුව, පැමිණ සිටි අමුත්තන් විසින් යුද්ධයේ දී මියගිය රණවිරුවන් සිහිකරමින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පුද කරන ලදි.

මෙම අමුත්තන් ගැමුණු හේවා බලකා කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව නිලධාරී නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහයට ද එක්වූහ.

මෙම උත්සවය සඳහා ගැමුණු හේවා බලකා රෙජිම්න්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් 50 ක් සහ සෙසුනිලයින් 600 කට අධික පිරිසක් සහභාගි වුහ.

Nike air jordan Sneakers | nike fashion