Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2018 15:51:50 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් අධ්‍යාපනික වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘කලකිරීම, පසුතැවීම හා ජිවිතයෙන් පලායෑම’ යන මාතෘකා සැබැඳිව යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ තවත් වැඩසටහනක් යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් අඟහරුවාදා (30) දින දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ටෝච් සිනමා දේශන ශාලාවේදි පවත්වන ලදි.

මෙම වැඩසටහන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීමෙන් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහනේ දී, පශ්චාත් යුද සමයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට ඇතිවූ මානසික සංකූලතා පිළිබඳ අවධානයක් යොමු කරමින් ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා චිකිත්සක වෛද්‍ය චමින්ද ද අල්විල් විසින් හරවත් දේශනයක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය, පුහුණු පාසල් සහ ඒකක නියෝජනය කරමින් සේවයේ නියුතු නිලධාරින් 15 ක් සහ සෙසුනිලයින් 310 ක් සහභාගි විය.

Sports Shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ