Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:35:06 Hours

නව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක සිය තනතුරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ හිටපු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගෙන් පසු එම බලකායේ 13 වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය අඟහරුවාදා (30) දින නව තනතුරේ රාජකාරි අරඹන ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක වෙත යුද්ධ හමුදා සම්ප්‍රදානුකුලව පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලංකා අමරපාල විසින් එතුමන් පිලිගන්නා ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි නව කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය තනතුරෙහි රාජකාරි අරඹන ලදී.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායක තුමන් විසින් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රි ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මුලස්ථානයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කරමින් සිය ආචාරය පුදකරන ලදී.

නව කර්නල් සේනාවිධායක වෙත විශේෂ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමු අතර, එතුමන් විසින් අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් සඳහා සිය අනාගත සැලසුම් සම්බන්ධව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සම්මන්ත්‍රණ ශාලාවේදි දැනුවත් කරන ලදි. පසුව නව කර්නල් සේනාවිධායකතුමන් විසින් සියළු නිල තේ පැන් සංග්‍රහය සදහා ද එක්විය.

affiliate link trace | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp