Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:30:16 Hours

ත්‍රිකුණාමලයේ පැවති අන්තර් රෙජිමේන්තු ටෙනිස් අවසන් තරඟයේදි යුද්ධ හමුදා ක්‍රිඩකයින් විශිෂ්ඨ දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 8 ක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 50 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සහභාගි වු අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරඟාවලිය ත්‍රිකුණාමලය 22 වන සේනාංක මුලස්ථාන ටෙනිස් පිටියේදි පසුගිය අඟහරුවාදා (30) දින පවත්වන ලදි.

යුද්ධ හමුදා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරඟාවලිය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ මුලිකත්වයෙන් පැවති අතර එහිදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ශුරතාවය හිමි කරගන්නා ලද අතර විජයබාහු පාබල රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සම අනුශුරතාවය දිනා ගන්නා ලදී.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ගැමුණු හේවා බලඇණිය, ගජබා රෙජිමේන්තුව, විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායන් වෙතින් ටෙනිස් කණ්ඩායම් සහභාගි විය.

මෙහිදි වසය අවුරුදු 45 ට සහ 35 ට වැඩි යුගල සහ විවෘත යුගල පිරිමි කාණ්ඩය නියෝජනය කල ලුතිනන් කර්නල් පි. විතානගේ, වසය අවුරුදු 35 ට වැඩි කේවල පිරිමි කාණ්ඩය නියෝජනය කල ලාන්ස් බොම්බඩියර් ඩබ්ලිව්.එම්.සි.යු. කුමාර, පිරිමි විවෘත කේවල අංශය නියෝජනය කරමින් කාර්මික සෙබල ආර්.කේ.ඒ. ජයසේකර, වසය අවුරුදු 50 ට සහ 45 ට වැඩි විවෘත යුගල පිරිමි කාණ්ඩය නියෝජනය කල මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ වයස අවුරුදු 50 වැඩි පිරිමි කේවල අංශයෙන් කර්නල් ටි.එම්. අබේරත්න ජයග්‍රහණ හිමි කරගන්නා ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රිඩකයින් අවසන් මහ තරඟය ජයග්‍රහණය කරමින් ශුරතාවය හිමිකරගන්නා ලදී.

යුද්ධ හමුදා ටෙනිස් සංගමයේ ආරාධනයෙන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ අතර ජයග්‍රහකයින් වෙත කුසලාන හා සහතික පත් බෙදාදිමේ අවස්ථාව සඳහා ද එක්විය.

යුද්ධ හමුදා ටෙනිස් ක්‍රිඩකයින් විසින් ටෙනිස් ක්‍රිඩාව වෙනුවෙන් විශිෂ්ඨ දායකත්වයක් දක්වා ඇති අතර වෘත්තීමය ටෙනිස් ක්‍රිඩකයින් රැසක් බිහි කර ඇත. ඔවුන් වසර 07 කට පසු 2016 ආරක්ෂක සේවා ශුරතාවලියේදී ද දක්ෂතා පෙන්නුම් කරන ලදී. එසේම යුද්ධ හමුදා රෝද පුටු ටෙනිස් ක්‍රිඩකයින් ආබාධිත කාණ්ඩය යටතේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණයන් හිමි කර ගන්නා ලද අතර ඔවුන් මැලේසියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව ආදි රටවල පැවති තරඟ වලින් 2016 සහ 2017 වසර වලදි රන්, රිදි සහ ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී.

පසුගිය කාලය තුල යුද්ධ හමුදා ටෙනිස් සංගමයේ සභාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ මඟ පෙන්විම මත සෑම රෙජිමේන්තු, බලසේනා, ආරක්ෂක සේනා සහ පුහුණු පාසල් යටතේ ටෙනිස් පිටි රැසක් ඉදිකරන ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලින් සඳහා ක්‍රිඩා කල හැකි ක්‍රිඩකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් ද බිහි කර ඇත.

2016 වසරේ මැලේසියවේදි හා තායිලන්තයේදි යුගල අංශයේ දෙවන ස්ථානය, 2017 වසරේ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් සහ සිංහ ක්‍රිඩා සමාජ තරඟවල යුගල අංශයේ ප්‍රථම ස්ථානය ද, බෙල්ජියමේදී යුගල අංශයේ තෙවන ස්ථානය ද ලාන්ස් බොම්බඩියර් ඩි.එස්.ආර්. ධර්මසේන විසින් හිමිකරගන්නා ලද අතර මාණ්ඩලික සැරයන් කේ.එම්.එස්.පි. පෙරේරා විසින් 2016 වසරේ ඉන්දියාවේදි පැවති කේවල තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

ත්‍රිකුණාමලයේදී පැවති අන්තර් රෙජිමේන්තු තරඟාවලියේ අවසන් ප්‍රතිඵල පහත සඳහන් පරිදි වේ.

අවුරුදු 45 ට වැඩි පිරිමි කේවල අංශය

ලුතිනන් කර්නල් පි. විතානගේ - ශුරතාවය

මේජර් ජෙනරාල් අරුණ ජයසේකර - අනුශුරතාවය

අවුරුදු 35 ට වැඩි පිරිමි යුගල අංශය

ලුතිනන් කර්නල් පි විතානගේ (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව) - ශුරතාවය

ලාන්ස් බොම්බඩියර් ඩබ්ලිව්.එම්.සි.යු කුමාර (ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව)

අවුරුදු 35 ට වැඩි පිරිමි කේවල අංශය

ලාන්ස් බොම්බඩියර් ඩබ්ලිව්.එම්.සි.යු කුමාර (ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව) - ශුරතාවය

මාණ්ඩලික සැරයන් කේ.එම්.එස්. පෙරේරා (ගැමුණු හේවා බලඇණිය) - අනුශුරතාවය

පිරිමි විවෘත යුගල අංශය

ලුතිනන් කර්නල් පි විතානගේ (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව) - ශුරතාවය

කාර්මික සෙබල ආර්.කේ.ඒ. ජයසේකර (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව)

කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු (විජයබාහු පාබල රෙජිමේන්තුව) - අනුශුරතාවය

කෝප්‍රල් ඩි.එම්. ගමගේ

පිරිමි විවෘත කේවල අංශය

කාර්මික සෙබල ආර්.කේ.ඒ. ජයසංඛ (ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව) - ශුරතාවය

කෝප්‍රල් එම්.ඩි.එල්. ප්‍රනාන්දු (විජයබාහු පාබල රෙජිමේන්තුව) - අනුශුරතාවය

අවුරුදු 50 ට වැඩි පිරිමි විවෘත යුගල

මේජර් ජෙනරාල් කේ.පි.ඒ ජයසේකර - ශුරතාවය

කර්නල් ටි.එම්. අබේරත්න

මේජර් ජෙනරාල් ඩි.එම්.එස් දිසානායක - අනුශුරතාවය

මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

අවුරුදු 50 ට වැඩි පිරිමි කේවල අංශය

කර්නල් ටි.එම් අබේරත්න - ශුරතාවය

මේජර් ජෙනරාල් කේ.පි.ඒ. ජයසේකර - අනුශුරතාවය

අවුරුදු 45 ට වැඩි පිරිමි විවෘත යුගල අංශය

මේජර් ජෙනරාල් කේ.පි.ඒ ජයසේකර - ශුරතාවය

ලුතිනන් කර්නල් පි. විතානගේ

කර්නල් ඩබ්ලිව්.එල් ප්‍රේමසිරි - අනුශුරතාවය

කර්නල් ටි.එම් අබේරත්න

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - ශුරතාවය

විජයබාහු පාබල රෙජිමේන්තුව - අනුශුරතාවය

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - 2 වන අනුශූරතාවය

Best jordan Sneakers | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD