Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:04:31 Hours

අන්තර් රෙජිමේන්තු වුෂු ශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් දිනාගනි

අන්තර් රෙජිමේන්තු වුෂු තරඟාවලිය - 2018 බදාදා (31) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම පිරිමි කාණ්ඩයේ ශුරතාවය ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම් සම අනුශුරතාවය ද දිනාගන්නා ලද අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංඥා බලකා කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා සංඥා බලකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

යුද්ධ හමුදා වුෂු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටියගේ ආරාධනාවකට අනුව මෙම තරඟාවලියේ කුසලාන සහ සහතික පිරිනැමිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න සහභාගි වු අතර ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතික පත් ප්‍රදානය ද සිදුකරන ලදී.

Running sports | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth