Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2018 11:52:24 Hours

ශ්‍රී ලංකාවේ යතුරු පැදි ක්‍රීඩා සංගමයෙන් (FMSSL) හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය (SLADA) වෙතින් ධාවන තරඟ සඳහා යුද්ධ හමුදා වෙතින් ලබාදෙන දායකත්වය සඳහා විශේෂ උත්සව

2017 වර්ෂයේදී සුවිශේෂි දක්ෂතා දක්වන ලද යුද්ධ හමුදා සාමාජිකයන් යුද්ධ හමුදා ධාවන පැදි කරුවන් සහ රියදුරන් පසුගියදා ශ්‍රී ලංකාවේ යතුරු පැදි ක්‍රීඩා සංගමයෙන් (FMSSL) හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය (SLADA) අනුග්‍රහයෙන් පවත්වන ලද උත්සව අවස්ථාවන් දෙකකදී විශේෂ ඇගයීමකට ලක් කරන ලදි.

තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ සහ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති මෙම ඇගයුම් උත්සව අවස්ථාවන් දෙකෙහිදී ශ්‍රී ලංකාවේ යතුරු පැදි ක්‍රීඩා සංගමය (FMSSL) හා ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය (SLADA) තරඟාවලියේදී දස්කම් දැක්වූ සංඥා සෙබල ඩී.බී.කේ සිල්වා (125cc සහ 250cc) සහ සාමාන්‍ය සෙබල ඒ.ඩබ්.එල්.ජේ කුමාරසිංහ (250cc) මෙහිදී විශේෂ ඇගයුමට ලක්කරන ලදි.

යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි නියෝජනය කරමින්, යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රිඩා සංගමයේ නියෝජ්‍ය සභාපති බ්‍රිගේඩියර් වසන්ත මාදොල, යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රිඩා සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් රන්දි ජයසිංහ ඇතුළු දිවයින පුරා මෝටර් සයිකල් ධාවන තරග සංවිධානය කිරීමේ උපකාර වන සිවිල් අංශයේ අමුත්තන් මෙම උත්සව සඳහා සහභාගි වූහ.

එන්ජින් ධාරිතාවය 250 ට වැඩි අංශයෙන් දක්ෂතා දැක්වූවන්ටද වේදිකාවට කැදවා ත්‍යාග ලබාදුන් අතර, FMSSL සහ SLADA යන ආයතන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙම ක්‍රිඩාවන්ට ලබාදී ඇති දායකත්වය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදා මෝටර් ක්‍රිඩා කමිටුව වෙත විශේෂ කුසලානද ලබාදුන්හ.

.

FMSSL යනු Fédération Internationale de Motocyclisme (FIM) අනුබද්ධිත මෙරට තුළ රෝද දෙකේ තරඟ අධීක්ෂණය කරන ජාතික ආයතනයකි.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය (SLADA) විසින් එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රියදුරන් සහ නිළධාරීන්ට නුතන කාල නිර්න තාක්ෂණය හදුන්වාදී ඇත.

SLADA ආයතනයේ විධායක කමිටුවේ ශ්‍රී ලංකා ආයතනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජිතයින් ගෙන්ද සමන්විතය.

Running Sneakers | Men's Footwear