Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:08:40 Hours

වෙඩිතලතිව් ආධුණික පුහුණු පාසලේ නව ආධුණික සෙබළුන් 258 දෙනෙකු විසිරයයි

වෙඩිතලතිව් කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසලේ පාබල අංක 6 ආධුණික පාඨමාලාව මාස 06 ක කාලයක් සාර්ථක ලෙස හැදෑරු ආධුණික සෙබළුන් 258 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය සෙනසුරාදා (27) දින එම විද්‍යාල භුමියේදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.

හමුදා සම්ප්‍රදානුකුල සම්මාන පෙළපාලියක්, සංස්කෘතික අංගයක්, වර්ණවත් ශාරිරීක ව්‍යායම සංදර්ශණයක්, තුර්ය වාදක සංදර්ශණයක්, ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයක් හා සරඹ සංදර්ශණයකින් මෙම විසිරයාමේ පෙළපාලි උත්සවය සමන්විත වු අතර විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ යහළු මිත්‍රාදීන් ද විසිරයාම් පෙළපාලිය නැරඹිමට පැමිණ සිටියහ.

කොමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ කැළෑබද සටන් පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් සමන් පෙරේරාගේ ආරාධනයෙන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සඳහා එක්වුහ.

හොඳම ආධුණික සෙබළා ලෙස ආධුණික සෙබළ ආර්.ජි.බි.ආර්. ප්‍රේමරත්න ද, හොඳම ශාරිරීක යෝග්‍යතාවය ඇති ආධුණික සෙබළා ලෙස ආධුණික සෙබළ ටි.එම්.ජි.වයි.එම් තිලකරත්න ද හොඳම වෙඩික්කරු ලෙස ආධුණීක සෙබළ කේ.ඩි.ඒ.බි සඳකැළුම් ද විසිරයාමේ පෙළපාලියේදී සම්මාන ලැබීය.

මෙම ආධුණික පුහුණු පාඨමාලාවේ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවේ වැඩිම ලකුණු ලබාගත් ආධුණික සෙබළ ආර්.ජි.බි.ආර්. ප්‍රේමරත්න පාඨමාලාවේ හොඳම ආධුණික සෙබළාට හිමි යෂ්ඨිය සහ කුසලානය ප්‍රධාන ආරාධිත අමුත්තා වෙතින් හිමි කර ගන්නා ලදී.

කොමාන්ඩෝ‍රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ, 612 බලසේනාවේ බලසේනාධිපති කර්නල් මහින්ද ජයවර්ධන, 613 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් විජේසුරිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ විසිර යන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ යහළු මිත්‍රාදීන් ද මේ අවස්ථාව සඳහා එක්විය.

Buy Kicks | Nike Releases, Launch Links & Raffles