Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2018 23:07:48 Hours

දිවිපිදු රණවිරුවන් පිදුමට මුල්තැන දෙමින් සන්නද්ධ බුද්ධි බලකාය සිය 25 වැනි සංවත්සරය සමරයි

දිවිපිදු සන්නද්ධ බුද්ධි බලකා රණවිරුවන් පිදුමට මුල්තැන දෙමින් සන්නද්ධ බුද්ධි බලකාය සිය 25 වැනි සංවත්සර උත්සවය ජනවාරි මස 25 සහ 26 යන දෙදින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දි පැවති අතර එහිදි දිවිපිදු සන්නද්ධ බුද්ධි බලකා රණවිරුවන්ගේ පවුලේ ඥාතින් ඇගයිමට ලක්කරන ලදී.

සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ ආරාධනාවකට අනුව සන්නද්ධ බුද්ධි බලකායේ පියා ලෙස විරුදාවලිය ලත් වි හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල ද මෙම සැමරුම් වැඩසටහන් සඳහා එක්වන ලදී.

සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපතිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර එතුමන් හට කඳවුරු සම්මාන මුරයක් සහ 25 වන සංවත්සරය වෙනුවෙන් සම්මාන පෙළපාලියක් ද ලබා දෙන ලදි. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ඩයස් විසින් 25 වන සංවත්සරය සිහිපත්විම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන භුමියේ සඳුන් පැලයක් රෝපණය කරන ලද අතර සියළු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද එක්විය.

මෙම සංවත්සරයට සමඟාමිව සන්නද්ධ බුද්ධි බලකා මියගිය රණවිරුවන් හා දැනට සේවයේ යෙදි සිටින රණක්ෂිතයට පත් රණවිරුවන් ගේ පවුල් වල සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව හා ත්‍යාග ප්‍රදානයක්ද සිදු කරන ලදී.

සන්නද්ධ බුද්ධි බලකා රණවිරු ස්මාරකය වෙත සැපැමිණි සන්නද්ධ බුද්ධි බලකායේ පියා ලෙස විරුදාවලිය ලත් වි හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල ඇතුළු සන්නද්ධ බුද්ධි බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දිවි පිදු සන්නද්ධ බුද්ධි බලකා රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දක්වමින් සිය ආචාරය පුද කරන ලද අතර එහිදි විනාඩි 02 ක නිෂ්ශබ්දතාවයක් ද පවත්වන ලද අතර මියගිය රණවිරුවන් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් ද සිදුකරන ලදී. ඉන් අනතුරුව මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතින් ද මල් කළඹ තැන්පත් කරමින් සිය ගෞරවය පුද කරන ලදී.

සංවත්සර දිනයට පසුදින (26) රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි මේජර් ජෙනරාල් ඩයස් විසින් විශ්‍රාමික නිලධාරින් සහ සෙසු නිලයින් සමඟ විශේෂ හමුවක් පැවැත්වු අතර එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් හට සමරු තිළිණ ද ප්‍රධානය කරන ලදී. දිනය අවසානයේ සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදී.

හිටපු යුද්ධ හමුදාධිපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, විශ්‍රාමික ජෙනරාල් ජගත් අල්විස් සහ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ද මෙම අවසථාව සඳහා එක්ව සිටියහ.

Adidas shoes | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD