Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2018 00:14:25 Hours

උතුරුකරේ රාජකාරියේ නිරත යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සුඛෝපභෝගි බස් රථ සේවාවක්

උතුරු ප්‍රදේශයේ යාපනය සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් නිවාඩු ලබා තම ගම්බිම් වෙත යාමේදී ඒ වෙනුවෙන් සුඛෝපභෝගි බස් රථ සේවාවක් පසුගියදා ආරම්භ කරන ලදී.

මෙම බස් රථ සේවාව පරන්තන්, වව්නියාව, අනුරාධපුරය, වාරියපොල, කුරුණෑගල යන ප්‍රධාන නගරයන් හරහා දිවෙන අතර එමගින් කිලිනොච්චි ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන සියළුම නිලයින් සඳහා කොළඹ සිට නැවත උතුර වෙත යාමට සහ ඒමට දිනපතා මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක වේ.

උතුරු ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් නිවාඩු යාමේදි ඔවුන් මුහුණදෙන ප්‍රවාහන ගැටළුවට විසදුමක් වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වයිෆයි සහ චිත්‍රපට නැරඹිමේ පහසුකම්වලින් ද මෙම සුඛෝපභෝගී බස් රථසේවාව සමන්විතය.

පසුගිය සෙනසුරාදා (27) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සහභාගීත්වයෙන් මෙම බස් රථ සේවාවේ පළමු ගමන පරන්තන් සිට ආරම්භ වු අතර, මිට සමඟාමිව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත කොළඹ සහ යාපනය අතර ද මෙම සුඛෝපභෝගි බස් සේවාව ක්‍රියාත්මක කරන ලදී.

නිවාඩු ලබා ගම්බිම් බලා පිටත්ව යන යුද්ධ හමුදා සමාජිකයින් හට සුවපහසු ප්‍රවාහන සේවයක් ලබාදිමේ අරමුණින් පෞද්ගලික බස් රථ ආයතනයක් සමඟ එක්ව මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කරන ලදී.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන කඳවුරු වල රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් එම කඳවුරු තුලින් නංවා ගන්නා අතර නැවත කොළඹ සිට පැමිණිමේදි ඔවුන් එම කඳවුරු තුලටම යොමුකිරිම සිදුකරනු ලබයි. මෙහිදි සෑම මගියෙකුටම සිසිල් බීම සහ තේ කෝප්පයක රස බැලිමට ද අවස්ථාව හිමිවෙයි.

spy offers | Nike Shoes