Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2018 17:03:34 Hours

අසාම් බීහූ නැටුම් කණ්ඩායම කිලිනොච්චියට

යාපනයෙහි පිහිටි ඉන්දියන් කොන්සල් ජෙනරාල් කාර්යාලය සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනාංක මූලස්ථානයේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද ඉන්දියානු ජන නැටුම් ප්‍රසංගයක් සෙනසුරාදා (27) දින කිලිනොච්චි ‘නෙලුම් පියස’ ශ්‍රවණාගාරයේදි යුද්ධ හමුදා සහ සිවිල් නරඹන්නන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයක් මත හා යාපනය, ඉන්දියන් කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් ගරු ඒ. නඩරාජන් මහතාගේ සහයෝගයෙන් මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදි.

‘බිහු’ සංස්කෘතික නර්නත කණ්ඩායමේ කලාකරුවන්ගේ සම්බන්ධිකරණයෙන් මෙම විශේෂ ආසම් ජන නැටුම් සහ සංගීත ප්‍රසංගය පවත්වන ලද අතර මේ සඳහා භෝර්තල් රිට්යා නර්තනය (Bhortalnritya dance), තෝකරි ගීත් නර්තනය (Tokari Geet dance), දොමාහි කිහාන් නර්තනය (Domahi Kikan dance), මිෂිං ගුම්රාක් නර්තනය (Mishing Gumrak dance), භෝරෝත් නර්තනය (Borot dance), කුෂාන් නර්තනය (Kushan dance), භෝරෝඩොයිචිකාල් නර්තනය (Borodoichikhal dance), හම්සාර් නර්තනය (Hamzar dance), ලේවා ටානා න්රිට්යා නර්තනය (Lewa Tana Nrittya dance), ජුමුර් නර්තනය (Jhumur dance), ඕජා දෝල් බඩාන් නර්තනය (Oja Dhol Badan dance) සහ බිහු නර්තනය (Bihu dance) යන සම්ප්‍රදායික ජන නර්තනයන් අන්තර්ගත විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපතිගේ ආරාධනාවකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ඒ. නඩරාජන් මහතා මෙම වැඩසටහන සඳහා සහභාගි විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වර්ණවත් සංස්කෘතික ප්‍රසංගය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් අරුමන්යාගම් මහතා, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එම්.ආර්.එම්.ඩබ්ලිව් වැලිකන්න මහතා, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද මේ සඳහා එක්වු අතර කිලිනොච්චි ප්‍රදේශයේ පුජකතුමන්ලා ඇතුළු 300 කට වැඩි සිවිල් වැසියන්, පාසල් සිසුන්, දෙමාපියන්, ගුරු භවතුන් සහ 600 කට වැඩි භට පිරිසක් ද සහභාගි වුහ.

affiliate tracking url | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf