Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2018 18:45:29 Hours

හමුදා ඉදිකිරීම් ඒකකයේ අවසන් කණ්ඩායම මාලි සිට දිවයිනට

මාලි නුවර පිහිටි එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) හි මාස 6 ක සේවා කාලයක් සම්පූර්ණ කර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායට අයත් නිලධාරියෙකු සහ සෙසුනිළයින් 07 ක් මූලික ඉදිකිරීම් කටයුතු අවසන් කර අද (28) සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියහ.

මීට ප්‍රථම ද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායට අයත් සෙසුනිළයින් 53 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණියහ.

දෙසැම්බර් මස අග භාගයේදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය (CCC) වෙනුවෙන් අවශ්‍ය නවාතැන්, වැසිකිළි පහසුකම්, ගබඩා සහ වෙනත් ඉදිකිරීම් අවශ්‍යතාවයන් සම්පුර්ණ කොට මෙම ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස පෙරලා දිවයින බලා පැමිණියහ.

මෑතකදී, හමුදා භටයින් 200 ක තවත් එක්සත් ජාතින්ගේ හමුදා භට පිරිසක් ලෙස මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රමික රථ ආරක්ෂක භට කණ්ඩායම ගොඩබිමෙන් වටවු වාර්ගීක ගැටුම්වලින් පීඩිත දකුණු අප්‍රිකානු රාජ්‍යයේ සාමය ස්ථාපිත කිරීමේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ රාජකාරින් සඳහා පිටව ගියහ. මෙම සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය, රෙජිමේන්තු 10 කට අයත් යුද්ධ හමුදා නිලධාරින් 16 ක් සහ සෙසුනිලයින් 184 කින් සමන්විත විය.

Best jordan Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival