Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2018 00:02:57 Hours

උතුරේ ක්‍රීඩකයින් 94 දෙනෙකු වෙනුවෙන් කඹ ඇදීමේ පුහුණු කඳවුරක්

කිලිනොච්චි, යාපනය, මන්නාරම, මුලතිව් සහ වවූනියාව දිස්ත්‍රික්කයන්හි ක්‍රිඩා සමාජයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 94 දෙනෙකු යුද්ධ හමුදා කඹ ඇදීමේ කණ්ඩායම් සමඟ එක්ව කඹ ඇදීමේ පුහුණු වැඩමුළුවක් කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ දී සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ දී පවත්වනු ලැබීය.

මෙම කඹ ඇඳීමේ පුහුණු කඳවුර 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් පරිදි 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.

57 වන සේනාංකය යටතේ වන සියළුම බලඇණි වල සහ සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තුමේන්තුවේ හමුදා කඹ ඇඳීමේ කණ්ඩායම් මෙම වැඩමුළුවේ දී ක්‍රීඩාවේ තාක්ෂණික ක්‍රමවේදයන් හා නීතිරිති පිළිබඳවද ඔවුන් දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකා කඹ ඇඳීමේ කමිටුවේ සභාපති කර්නල් ජනක රණසිංහ, ශ්‍රී ලංකා කඹ ඇඳීමේ කමිටුවේ ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා සහ ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් විසින් දේශණ පැවැත්වූ අතර ප්‍රයෝගික සැසිය තුල දී කඹ ඇඳීමේ නව නීති රෙගුලාසි, තාක්ෂණික ක්‍රම හා ජාත්‍යන්තර වැදගත්කම් පිළිබදව ද දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි විය.

සිවිල් ජනතාව සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සංහිඳියාව සහ හොඳහිත ඇතිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

latest Nike Sneakers | Nike sneakers