Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2018 19:15:52 Hours

පානිය ජල ළිං පිරිසිදු කිරීමට මුලතිව් භට පිරිස්හි සහාය

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින කෙප්පපිලව් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත නිදහස් කරන ලද අක්කර 133.4 ක භූමි භාගයේ පිහිටි දිර්ඝ කාලයක් පරිහරණයට නොගත් ජල ළිං පිරිසිදු කොට ප්‍රදේශවාසින්ට පානිය ජලය ලබාගැනීම පිණිස ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ අධික්ෂණයෙන් මෙසේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ පළමු අධියර වශයෙන් තෝරාගත් ළිං 24 ක් අතුරින් 12 ක් පිරිසිදු කොට ප්‍රදේශවාසින්ගේ පානිය ජල පරිභෝජනය සඳහා භට පිරිස් විසින් පිරිසිදු කරන ලදි.

යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙම සනිපාරක්ෂක ව්‍යාපෘතිය ඉඩම් හිමියන්ගේද සහාය ඇතිව ඉතා කෙටි කලකින් නිම කිරීමට බලාපොරොත්තු වන අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් සිවිල් ජනතාව සහ යුද්ධ හමුදා සාමාජිකයන් අතර සංහිදියාව සහ හොඳහිත ඇතිකිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපකරණ නොමිලේ සපයාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව ආරක්ෂක අවශ්‍යතා සඳහා සන්නද්ධ හමුදාවන් විසින් මෙතෙක් භාවිතා කළ මුලතිව් කෙප්පපිලව් ග්‍රාමයේ අක්කර 133.34 කින් යුත් ඉඩම් ප්‍රමාණයක් 2017 දෙසැම්බර් මස 28 දිනපැවැති උත්සවයක දී සිවිල් වැසියන් වෙනුවෙන් නිදහස් කරන ලද අතර යුද්ධ හමුදාවේ වියදමින් අලුතින් ඉදිකරන ලද හා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලද නිවාස 28 ක් ද නිදහස් කරන ලද ඉඩම් ප්‍රමාණයට අන්තර්ගතය.

jordan Sneakers | Sneakers Nike