Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2018 00:25:17 Hours

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරින් පිස්තෝල වෙඩි තැබීමේ තරඟයක

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනංක මුලස්ථාන, බල සේනා මුලස්ථාන සහ ඒකකයන් හි සේවය කරනු ලබන සියළුම නිලධාරින් සදහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මුලිකත්වයෙන් පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලියක් සංවිධානය කර තිබු අතර එය ජනවාරි මස 18 වන දින සිට 21 වන දින දක්වා දින 04 ක් මුළුල්ලේ මයිලඩි ප්‍රදේශයේදී පවත්වන ලදී.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දිගු කලකට පසු සංවිධානය කර තිබු ‘පිස්තෝල වෙඩි තැබිමේ තරඟාවලිය - 2018’ මේජර්, ලුතිනන් කර්නල්, කර්නල්, බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරාල් යන කාණ්ඩ 05 ක් යටතේ තරඟ පවත්වන ලද අතර යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනංක මුලස්ථාන, බල සේනා මුලස්ථාන සහ ඒකකයන් නියෝජනය කරමින් නිලධාරින් 125 දෙනෙකුට වැඩි පිරිසක් තරඟ වදින ලදි.

විවිධ තරඟ කාණ්ඩ යටතේ ජයග්‍රහණ ලබාගත් නිලධාරින් පහත සඳහන් පරිදි වේ.

මේජර් ජෙනරාල් නිලය - මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි

බ්‍රිගේඩියර් නිලය - බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න

කර්නල් නිලය - කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු

ලුතිනන් කර්නල් නිලය- ලුතිනන් කර්නල් නලින් ප්‍රභාත්

මේජර් නිලය - මේජර් ගීත් මූණගමගේ

සමස්ත තරඟයේ ජයග්‍රාහකයින් ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ගීත් මූණගමගේ ප්‍රථම ස්ථානයද, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ඩි.එම්.එස්.සි දසනායක දෙවන ස්ථානයද කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු තෙවන ස්ථානයද ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මේජර් එස්.කේ. ගමගේ සිව්වන ස්ථානය සහ ඉංජිනේරු සේවා බලකායේ මේජර් එම්.පි.සී.එම් ගුණසේන පස්වැනි ස්ථානය ද හිමි කරගන්නා ලදී.

ජයග්‍රාහකයින් වෙත ත්‍යාග හා කුසලාන ප්‍රදානය කිරිමේ උත්සවය සඳහා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, යාපනය නියෝජ්‍ය පොලිස්පති කේ. පාලිත ප්‍රනාන්දු, 51, 52 සහ 55 වැනි සේනාංකයන් හි සේනාංකාධිපතිවරුන්, බල සේනාධිපතිවරුන්, ගුවන් කොමදෝරු ඩබ්ලිව්.එම්.එස්.සි විජේසුරිය,වින්ග් කමාන්ඩර් ඩි. ජයවීර, සහකාර පොලිස් අධිකාරි එච්.යු.පියනන්ද සහ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු අනෙකුත් නිලධාරින් රැසක් ද එක් ව සිටියහ.

Nike footwear | Air Jordan 1 Mid - Collection - Sb-roscoff