Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2018 00:05:16 Hours

විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව හැදෑරු තවත් සෙබළුන් පිරිසක් මාදුරුඔය දී විසිර යති

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව සාර්ථකව හැදෑරු තවත් එක් භට පිරිසක් විසිරයාමේ උත්සවය බ්‍රහස්පතින්දා (17) දින එම හමුදා පුහුණු පාසලේදී පවත්වන ලද අතර පාඨමාලාව හැදෑරුවන්ට සහතික, කුසලාන සහ ශුරතා පලිහ ප්‍රදානය කිරිමද එහිදි සිදුවිය.

පාඨමාලා අංක 62 සාර්ථකව හැදෑරු නිලධාරින් 15 ක් සහ සෙසුනිලයින් 252 ක් විසිර ගිය අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න සහභාගි විය.

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව පුහුණු පාසල් ඇතුල්විමේ දොරටුව අසල දී කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත පිරිනැමු අතර ඉන් අනතුරුව යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.එච්.එන්.පි. හෙන්නැදිගේ විසින් පිලිගන්නා ලදී.

අනතුරුව පාඨමාලාව සාර්ථකව හැදෑරුවන් සඳහා කුසලාන, ශුරතා පලිහ සහ ජය සංකේත ප්‍රදානය කිරිම සඳහා එක්වු ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ඔවුන් අමතමින් සිය සුභ පැතුම් ද එක් කලහ.

යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, අනෙකුත් උපදේශකවරුන් සහ සේනාවිධායකතුමන් විසින් මෙම විශේෂ පාබල මෙහෙයුම් පාඨමාලාව සාර්ථකව මෙහෙයවන ලදී.

පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතමයා ලෙස 18 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන ලද කපිතන් ඩී.එන්. කුරුවිටගේ සම්මාන ලැබිය.

affiliate tracking url | Nike Shoes