24th January 2018 23:44:59 Hours
ඇඹිලිපිටිය, තුංකම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ ඉදිකරන ලද නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පසුගිය සඳුදා (22) දින උත්සවාකරයෙන් විවෘත කරන ලදී.
ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් වරුණ ගමගේ විසින් කරන ලද ආරාධනාවකට අනුව මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත සම්මාන මුරයක් පිලිගන්වමින් උණුසුම් ලෙස පිලිගන්නා ලද අතර සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඉදිකරන ලද නව මධ්‍යස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කරන ලදී.
ඉංජිනේරු බලසේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්නගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟ පෙන්වීමෙන් හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ පුර්ණ ආශිර්වාදයෙන් මෙම නව වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඉදිකරන ලද අතර යුද්ධ හමුදා ඉංජිනේරු බලසේනාවට අවශ්‍ය තාක්ෂණික සහාය ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය මගින් වෙත ලබාදෙන ලදී.
යුද්ධ හමුදා සමාජිකයන්ගේ කුසලතාවයන් ජාතිය ගොඩනැගීමේ හා වෙනත් සංවර්ධන ක්‍රීයාවලින් සඳහා යොදා ගැනිම මෙම පුහුණු මධ්‍යස්ථානය තුලින් සිදුකෙරේ.
විෂය මාලාවන් සකස් කිරිම හා ප්‍රායෝගික පුහුණු ක්‍රමවේදයන් පිළිබඳව මුලික සාකච්ඡාවක් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කීරිමේ උත්සවයට පෙර තුංකම දී පවත්වනු ලැබු අතර ඉංජිනේරු බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ (පුහුණු), ඉදිකිරිම් සහ පුහුණු අංශයේ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා හදාරණ යුද්ධ හමුදා සමාජිකයන් සඳහාඉතා කෙටි කලකින් පුහුණුව සම්පුර්ණ කර ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පත්‍රය ලබාදීමට වෘත්තීය පුහුණු අධිකාරිය විසින් යුද්ධ හමුදාව වෙත සහතික වන ලදී.
මෙම පුහුණු ව්‍යාපෘතිය යටතේ මේ අනුව සියළුම යුද්ධ හමුදා ඉංජිනේරු බලකා සමාජිකයින්ට විවිධ වෘත්තින් හා සැබැදි සුවිශේෂි පුහුණුවක් හා දැනුම ලබාගැනිමට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.
මේ අතරතුර,වෘත්තීය පුහුණු අධිකාරියේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලද ඉදිකිරිම් ශීල්පි පාඨමාලාවේ ජාතික වෘත්තිය සුදුසුකම් ශ්‍රේණි 2 සහ 3 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයන් 96 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය ද එදිනම (22) පවත්වන ලදී.
latest Running | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092