23rd January 2018 18:40:39 Hours
රටේ ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැපවී ක්‍රියා කරන මෙවන් අවධියක ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන ක්ෂේත්‍රයන්වල ප්‍රයෝජනය සදහා උපයෝගී කර ගැනීම පිණිස යකඩ බට වක්‍ර කිරීමේ යන්ත්‍රයක් ඉතා අඩු පිරිවැයකින් හොරණ, දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවෙහි නිපදවා ඇත.
යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ. ගුරුගේ ගේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායෙහි සැරයන් කේ.කේ.ඩී.එස්.එන් නදීශාන් විසින් රුපියල් 18 ලක්ෂයක් වටිනාකමින් යුතු මෙම යකඩ බට වක්‍ර කිරීමේ යන්ත්‍රය රුපියල් 30,000 ක් පමණ වූ ඉතා අඩු පිරිවැයකින් නිර්මාණය කර ඇත.
යකඩ බට වක්‍ර කිරීමේ යන්ත්‍රය උපයෝගී කරගනීමින් රාගම ප්‍රදේශයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ ගොඩනැගිල්ලෙහි 80 x 100 කාප්ප නිෂ්පාදනය කර ඇති අතර, එම ඉදිකිරීම් සදහා අවශ්‍ය අඩි 19 බට 100 ක් පමණ වක්‍ර නැවීම ද සිදු කරනු ලැබීය.
මෙම නව නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය 90% ක් පමණ ඉවතලන වාහන අමතර කොටස් සහ එම කර්මාන්ත ශාලාවෙන් ඉවතලන යකඩ කොටස් උපයෝගී කරගෙන නිෂ්පාදනය කර ඇත. මෙම නව යන්ත්‍රය මගින් 3/4", 1/2", 1", 1 1/4", 1 1/2" සහ 2" බට පහසුවෙන් වක්‍ර වශයෙන් නැවීම සිදු කල හැකිය.
යකඩ බට වක්‍ර කිරීමේ යන්ත්‍රය නිපදවීම සඳහා ටොන් 5 ජැක් 2 ක්, චේන් ස්පොකට් වීල් 8 ක්, චේන් 5 ක්, ටී ප්ලේට් 21 ක් හා රෝද 4 ක් සහ රේසර් 4 ක් පමණක් වෙළඳ පොලෙන් මිලදී ගෙන ඇත.
latest jordan Sneakers | Sneakers