22nd January 2018 23:53:47 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එක්සත් රාජධානියේ හන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනමේ (Hounslow Sri Lankan Janahanda Foundation) සාමාජිකයන් සමඟ එක්ව අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යාධාර ශීෂ්‍යත්ව 50 ක් සෙනසුරාදා (21) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී ප්‍රදානය කරනු ලැබීය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂක මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මෙම වැඩසටහනේදී එක්සත් රාජධානියේ ස්ථාපිත හන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනමෙහි අනුග්‍රහකත්වයෙන් ශිෂ්‍යත්ව 50 ක් දරුවන් වෙනුවෙන් ප්‍රදානය කරනු ලැබීය.
යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් 50 දෙනෙකු වෙනුවෙන් 2018 වර්ෂයේ සිට වසර පහක කාලසීමාවක් මාසිකව රුපියල් 5000.00 බැගින් මෙම ශීෂ්‍යධාර වැඩසටහනට අනුව අඛණ්ඩව පිරිනමනු ලැබේ.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව ජනහඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් මහතා විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.
මෙම වැඩසටහන උතුරේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන අතරතුරදි යාපනය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්වල තෝරාගත් තවත් සිසුන් 15 දෙනෙකු වෙනුවෙන් ඕමාන් ලංකා පුද්ගලික සමාගමේ (Oman Lanka Pvt. Ltd) අධ්‍යක්ෂ මොහාන් ශන්කර් මහතා සහ පිපල්ස් කේයාර් ඔෆ් ලංකා පුද්ගලික සමාගමේ (People’s Care of Lanka (Pvt) Ltd) අධ්‍යක්ෂ වදනි ශන්කර් මහත්මිය ගේ අනුග්‍රාහකත්වය යටතේ මාසිකව රුපියල් 3500.00 බැගින් වසර පහක කාලසීමාවක් සඳහා මූල්‍යමය ශීෂ්‍යත්ව 15 ක් ද සිසුන් වෙනුවෙන් පිරිනමනු ලැබීය.
මීට ඉහතදී ද කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය නන්දලාල් මලගොඩ සහ ප්‍රවීණ රංගන ශීල්පීනි සුවිනීතා වීරසිංහ මහත්මිය ගේ සම්බන්ධිකරණයෙන් පුන්ගුඩතිව් මහා විද්‍යාලයේ සිසුන් 10 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය ශීෂ්‍යධාර ප්‍රදානය කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා හමුදා නිලධාරින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.
best shoes | GOLF NIKE SHOES