Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2018 18:45:42 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා භට පිරිස් මඩකලපුවේ දී ‘තෛයිපොංගල්’ සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය සහ 231 බල සේනා මුලස්ථානය එක්ව සංවිධානය කල ‘තෛයිපොංගල්’ (අස්වැනු මංගල්‍යය) සැමරුම් විශේෂ ආගමික වැඩසටහනක් ඉරිදා (14) දින මඩකලපුව මාමන්ගම් පිල්ලේයාර් කෝවිලේදි පැවැත්විණ.

 

ප්‍රදේශයේ ජනතාව අතර හොඳ හිත සහ සංහිදියාව වැඩිදියුණු කිරීම හා සංස්කෘතික හුවමාරුව සහ ආගමික සහජිවනය ඇති කිරිමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වලගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර කෝවිල් පරිශ්‍රය තුල දී බැතිමතුන් සඳහා දන්සලක් ද සංවිධානය කරන ලදී.

සම්ප්‍රදායික හින්දු ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සවුන්දර් නායගම් ස්වාමි විසින් පවත්වන ලද මෙම විශේෂ පුජාවේ දී බැතිමතුන්ට ආශිර්වාද කිරීම සිදු කරන ලදි.

මෙම ‘තෛයිපොංගල්’ සැමරුම් උත්සවයට සමඟාමීව ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහයෝගයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 2018 ජාතික තරුණ ‘තෛයිපොංගල්’ සැමරුම් උත්සවය 2018 ජනවාරි මස 17 දින මඩකලපුව කොත්තුකුලම් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේදී පවත්වන ලදී.

මාමන්ගම් ඊශ්වර කෝවිල ක්‍රිස්තු පුර්ව 2 - 3 වන සියවසේ දි පමණ ඉදිවු පැරණි කෝවිලක් වන අතර, ශීව දෙවියන් පිදීම උදෙසා රාම කුමරුන් විසින් තනවන ලද්දක් බවට ජනප්‍රවාදයේ පවතින විශ්වාසයකි.

best Running shoes brand | Nike Shoes, Clothing & Accessories