Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2018 18:56:10 Hours

මොණරාගල දිස්ත්‍රික්කයේ රෝගී පාසල් සිසුන් පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාගයක්

මොණරාගල දිස්ත්‍රික්කයේ දුරස්ථ පාසල් වල ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පවුල්වල පිළිකා රෝගයට ගොදුරු වූ සිසුන් 181 ක් , වකුගඩු රෝගයෙන් පෙළෙන සිසුන් 218 ක් සහ තැලසීමියා රෝගයට ගොදුරු වූ සිසුන් 63 ක් ඇතුළු බෝ නොවන රෝගී තත්වයන්ගෙන් පීඩා විදින පාසල් සිසුන් 462 දෙනෙකු වෙත ඔවුන්‍‍ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා කැපිටල් සිටි රොටරි සමාජයේ සම්බන්ධිකරණයෙන් මානෙල් අබේරත්න පවුලේ සාමාජිකයන් විසින් පාසල් උපකරණ, සපත්තු සහ අනෙකුත් ක්‍රීඩා භාණ්ඩ නොමිලේ පරිත්‍යාග කරන ලදි.

121 බලසේනාවේ භට පිරිස් හි සහයෝගයෙන් පරිත්‍යාගශීලින් විසින් අඩු ආදායම් ලාභි මෙම පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සව වෙන් වෙන් වශයෙන් තණමල්විල, මහවැලි සංස්කෘතික මධ්‍යස්ථානය, බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය සහ මොණරාගල පළාත් සභා කාර්යාල පරිශ්‍රයේ දී චාම් අන්දමින් පවත්වන ලදී.

මෙම ද්‍රව්‍යමය අනුග්‍රහය කැපිටල් සිටි රොටරි සමාජය විසින් පරිත්‍යාග කර තිබු අතර, 121 වන බලසේනාවේ බ‍ලසේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත ගේ සම්බන්ධිකරණයෙන් එම පාසල් උපකරණ බෙදා දෙනු ලැබිය.

මෙම උත්සව අවස්ථාව සඳහා විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, දෙමාපියන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් ද එක්විය.

Nike footwear | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp