Header

Sri Lanka Army

Defender of the Nation

22nd January 2018 18:47:26 Hours

හන්තාන කඳු පාමුල ඇති වූ ලැව් ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි

මහනුවර, හන්තාන කඳු පාමුල සෙනසුරාදා (20) දින රාත්‍රි කාලයේ දී ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 20 කට වැඩි භට පිරිසක් විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම ලැව් ගින්න වේගයෙන් පැතිරයාම පිළිබඳව ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් වෙත අනතුරු ඇඟවු අතර ඔවුන් ද කඩිනමින් එය මැඩපැවැත්විමේ කාර්යය සඳහා එක්විය.

භට පිරිස් සිවිල් වැසියන්ගේ ද සහාය ඇති එදින (21) දින රාත්‍රී 7.45 පමණ වන විට ඇති වූ ලැව් ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්විමට සමත්විය.

තවද, මෙම ලැව් ගින්න හේතුවෙන් කිසිඳු සිවිල් වැසියෙකුට හෝ දේපලකට හානියක් සිදුවී නොමැති බැව් වාර්තා වේ.

short url link | Women's Nike Air Max 270 trainers - Latest Releases