Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2018 17:45:20 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසටහන් රැසක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භට පිරිස් විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජයන්තිනගර්, තිරුවයිආරු (බටහිර) සහ භාරතිපුරම් ප්‍රදේශයන්හි තෛපොංගල් දිනයට (ජනවාරි 14) සමගාමීව ප්‍රජා සත්සකාරක ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදි.

571 වන බලසේනාව යටතේ මලයාලම්පුරම් ප්‍රදේශයේ රාජකාරි නියුතු 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරියකු සහ සෙසුනිලයින් 20 දෙනෙකු මීනච්චි අම්මාන් කෝවිල් පරිශ්‍රය සහ ජයන්තිනගර් කෝවිල් ගොඩනැගිල්ල පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක නිරත වූහ.

මේ අතර, 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් තිරුවයිආරු (බටහිර) සහ පූල්ලයාර් කෝවිල් ගොඩනැගිල්ල සහ අවට භුමිය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ද එවැනිම ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කරමින් භාරතිපුරම් කෝවිල් භූමිය සුද්ධ පවිත්‍ර කරන ලදි.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි ගේ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News