Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2018 14:04:53 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් උතුරේ පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව පරිත්‍යාග වැඩසටහනක්

සිවිල් - හමුදා සම්බන්ධීකරණ තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිකුරාදා (19) දින යාපනය ශ්‍රී නාග විහාර පරිශ්‍රයේ දී පවත්වනු ලැබු අතර, එහිදි යාපනය, මුලතිව් සහ උතුරු පළාතේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

යාපනය අර්ධද්වීපයේ සංහිඳියා වැඩපිළිවෙල තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙසේ උතුරේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම සිදු කල අතර, කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහනේ දී ‘කැපකරු මාපිය’ ශීෂ්‍යත්ව වැඩසටහන යටතේ උතුරේ පාසල් සිසුන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමට අමතරව මූල්‍යමය ශිෂ්‍යත්ව ද පිරිනමනු ලැබීය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ මහා ලේකම් පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි නායක හිමි සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය වැලිමීටියේ සීවලි නායක හිමි, නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොන්ගල සිරිධම්ම හිමි, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ සාමාජිකයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සහභාගි විය.

best Running shoes | 『アディダス』に分類された記事一覧