Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2018 17:46:05 Hours

නේපාල යුද්ධ හමුදා ප්‍රධානී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 22 වන සේනාංකයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රාජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) සෙනසුරාදා (20) දින මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

24 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමමින් සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පිළිගන්නා ලදි.

එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගත් අතර, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ වගකීම් හා කාර්යභාර්යන් පිළිබඳවත් සහ භට පිරිස් විසින් ප්‍රදේශයේ සිදු කරනු ලබන අඛණ්ඩ සංවර්ධන, සංහිඳියා සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතින් පිළිබඳවත් එහිදී නේපාල හමුදාධිපති දැනුවත් කරන ලදි.

මෙම සංචාරය සනිටුහන් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සියලුම නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. තවද, මෙම සුහද හමුවේදි මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති හා සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

ඉන් අනතුරුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ නේපාල යුද්ධ හමුදා ප්‍රධානී 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ද හමුවිය.

සංචාරක නේපාල යුද්ධ හමුදා ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගත් 22 වන සේනාංකය එහිදී ඔහු වෙනුවෙන් හමුදා නිලධාරින් සමඟ තේපැන් සංග්‍රහක් සහ දිවා භෝජන සංග්‍රහයක්ද සුදානම් කර තිබුණි.

jordan Sneakers | adidas