Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2018 17:45:19 Hours

65 වන සේනාංකය කාරියලායි නාගපාදුවන් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් බදාදා (17) දින පූනරින්, කාරියලායි නාගපාදුවන් ප්‍රදේශයේ පිහිටි කාරියලායි නාගපාදුවන් දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

විද්‍යාල පරිශ්‍රය සහ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු පමණ සහභාගි විය.

මෙම ශ්‍රමදාන වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජ‍ර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ අධීක්ෂණයෙන් පවත්වනු ලැබීය.

ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

Adidas shoes | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger