20th January 2018 17:45:07 Hours
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් 8 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ‘කිලෝමීටර් 5 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2018’ සෙනසුරාදා (20) දින කොළඹ ගාලු මුවදොර මුහුදේ දී පවත්වනු ලැබීය.
මෙම පිහිනුම් තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 21 සහ ක්‍රීඩිකාවන් 4 ක් සහභාගි විය.
තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් හිමි කරගත් අතර, යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන්ට තරඟාවලියේ පස්වන ස්ථානය අත්පත් කර ගැනීමට සමත් වූහ.
පිරිමි අංශයේ පළමු ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ ආධුණික සෙබළ එම්.අයි. ඉඳුරුව සමත් විය.
තරඟාවලියේ පළමු ක්‍රීඩකයින් 24 දෙනා අතරට යුද්ධ හමුදා ක්‍රීඩකයින් 19 දෙනෙකු පැමිණිමත් යුද්ධ හමුදා පිහිනුම් ක්‍රිඩකයින් පෙන්වූ සුවිශේෂි දක්ෂතාවයක් විය.
යුද්ධ හමුදා ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;
ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්. විමල් කුමාර - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය - 3 වන ස්ථානය
ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස්. අබේසිංහ - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය - 4 වන ස්ථානය
කෝප්‍රල් ඩි.එම්. ගුණසේන - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 6 වන ස්ථානය
සාමාන්‍ය සෙබළ ආර්.එම්.එන්. රණතුංග - ගජබා රෙජිමේන්තුව - 9 වන ස්ථානය
ලාන්ස් කෝප්‍රල් ටී.එච්.එස්.කේ.අයි. ද සිල්වා - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - 10 වන ස්ථානය
latest jordan Sneakers | Entrainement Nike