Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2018 19:13:55 Hours

තෛපොංගල් පූජාවට භට පිරිස්හි සහාය

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් තෛපොංගල් දිනයට සමගාමීව කිලිනොච්චි සිවිල් වැසියන් සඳහා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

ආගමික උත්සවයට සමගාමීව භට පිරිස් විසින් ප්‍රදේශයේ හින්දු කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙනවීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය. හින්දු කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කොට පවත්වන ලද අලංකාරවත් තෛපොංගල් පූජාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් ද සහභාගි වුහ.

57 වන සේනාංකයේ භට පිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ හින්දු බැතිමතුන් සමඟ එක්ව කන්දසාමි කෝවිල, මරුතංග අයියනාර් කෝවිල්, විශ්වමඩු මාරි අම්මාන් කෝවිල, මුරුසමුඩෙයි මුරුගන් කෝවිල, මාන්කුලම් මුරුගන් කෝවිල, ජයන්තිනගර් මිනච්චි අම්මාන් කෝවිල, උරියන් වීර්වා කෝවිල, මුරුකන්ඩි කෝවිල, විශ්වමඩු අදේශය විනයාගර් කෝවිල, අම්පකාමන් පුල්ලයාර් කෝවිල, මලයාලපුරම් ඝණපති අම්මාන් කෝවිල, තිරුවාඉරු පුල්ලායර් කෝවිල, භාරතිපුරම් අම්මාන් කෝවිල, සෙත්ති විනයාගර් කෝවිල සහ මුතුමාරි අම්මාන් කෝවිල ඇතුළු කිලිනොච්චි ප්‍රදේශයේ කෝවිල්හි විශේෂ තෛපොංගල් පූජා වන් පවත්වනු ලැබීය.

Nike Sneakers Store | Nike React Element 87