Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2018 23:48:18 Hours

තෛපොංගල් දින බැතිමතුන් 700 කට වැඩි පිරිසකට යුද්ධ හමුදාවෙන් දන්සැලක්

හින්දු තෛපොංගල් දිනය (අස්වැනු මංගල්‍යය) නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක භට පිරිස් ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් භුමිය ශ්‍රමදාන ව්‍යාපාරයක් මගින් පිරිසිදු කොට එහි බැතිමතුන් වෙනුවෙන් ඉරිදා (14) දින දන්සැලක් පවත්වන ලදී.

තෛපොංගල් දින බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම ප්‍රජා සත්කාරක ශ්‍රමදාන ව්‍යාපාරයට සහ දන්සැලට 64 වන සේනාංකයේ භට පිරිස් සහ සාමන්‍ය වැසියන් මහත් උද්යෝගයෙන් සහභාගිවී සිටිනු දක්නට ලැබුණි.

මෙම දන්සැලට පැමිණි බැතිමතුන්ට සම්ප්‍රදායික සිංහල සහ දමිල විවිධ ආහාර හා රස කැවිලි වලින් සංග්‍රහ කල අතර 64 වන සේනාංක භට පිරිස් හා ප්‍රදේශයේ ජනතාව අතර හොඳ හිත සහ සංහිදියාව වැඩිදියුණු කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඉරිදා (14) දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන 64 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ මුලිකත්වයෙන් සිදුකෙරිණු අතර යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට වැඩි පිරිසක් සහ බැතිමතුන් 700 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

ප්‍රදේශයේ ජිවත් වන හින්දු බැතිමතුන් සහ ආරක්ෂක හමුදා සමාජිකයන් හට තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ ආශිර්වාද පුජාවක් ද ඔඩ්ඩුසුඩාන් ශිවම් කොවිලේදී පැවැත්විනි.

64 ‍වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් ගේ ආරාධනයෙන් ඔඩ්ඩුසුඩාන් ශිවම් කොවිලේහි පැවැති පොංගල් වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ද සහභාගි විය.

සේනාංකාධිපතිවරුන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බලසේනාධිපතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් ද මෙම ආගමික වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Running sport media | Nike for Men