Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2018 21:08:05 Hours

‘වන රෝපා’ ජාතික මෙහෙවර සඳහා 66 වන සේනාංක භට පිරිස් දායකවේ

අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ වැඩසටහනේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මුලස්ථානය විසින් නලන්කට්ටි සිට පරන්තන් දක්වා වු (බි 357) මාර්ගයේ කිලෝමිටර 30 ක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි කුඹූක් පැල 1500 ක් රෝපණය කිරිම සිකුරාදා (12) දින සිදුකරන ලදි.

අතිගරු ජනාධිපතිතුමා විසින් දියත් කරනු ලැබු දැනට ක්‍රියාත්මක ‘වනරෝපා’ ජාතික රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ මඟපෙන්වීම මත එම සේනාංක භට පිරිස් කුඹුක් පැල 1500 ක් රෝපණය කිරිම සඳහා දායකත්වය ලබාදෙනු ලැබිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් මෙම ව්‍ය‍‍ාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් සංකේතාත්මකව පළමු පැලය රෝපණය කරන ලද අතර, මේ සඳහා පුනරින් ප්‍රාදේශීය ලේකම්, පුනරින් පොලිස් ස්ථානාධිපති, මාර්ග සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සහ 66 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රී විග්නේෂ්වර විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි විය.

මේ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් පරිදි 66 වන සේනාංකාධිපති විසින් මෙම ව්‍යාපෘතියට සමඟාමිව කුඹුක් පැල පුනරින් ප්‍රදේශයේ පාසල් සිසුන් සහ සාමාන්‍ය වැසියන් වෙත බෙදා දෙන ලදී.

මෙම ව්‍යාපෘතියට සඳහා අවශ්‍ය ‍කුඹුක් පැල මාර්ග සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන මගින් සපයා දෙනු ලැබිය.

short url link | Air Jordan