Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2018 16:44:15 Hours

බැතිමතුන් ඉවත දමා ගිය කැලිකසළ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන සෙබළුන් විධිමත්ව ඉවත් කරයි

මධ්‍යම ආරක්ෂක සේනාංක (SFHQ-C) භට පිරිස් විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් පිංකම සහ දානමය පුණ්‍යකර්මය 2017 දෙසැම්බර් මස 30 – 31 දෙදින පුරා ශ්‍රී පාදාස්ථාන භූමියේදී පවත්වන ලදි.

නල්ලතන්නිය ප්‍රදේශයේ සේවය කරනු ලබන 112 බළසේනාවට අයත් 125 අධික සෙබළුන් පිරිසක් මෙම අවස්ථාවේදී කිලෝ ග්‍රෑම් 1500 කට අධික බරකින් යුත් භාණ්ඩ ශ්‍රී පාද කඳු ශිඛරයට රැගෙන යාමට ආධාර ලබා දුන්හ.

ආගමික වතාවත්වලින් අනතුරුව ආරක්ෂක හමුදා භට පිරිස් ආපසු පැමිණෙන අවස්ථාවේදී බැතිමතුන් නොසැලකිලිමත් ලෙස ශ්‍රී පාදස්ථාන පඩිපෙළ දෙපස ඉවතලා තිබු ප්ලාස්ටික් උපකරණ, බෝතල්, වීදුරු සහ වෙනත් කැලි කසළ එකතුකර ගොඩවල් විශාල ප්‍රමාණයක් පහතට ගෙනැවිත් තිබුණි.

ඉන් අනතුරුව එම ආරක්ෂක හමුදා භට පිරිස් විසින් මෙසේ නල්ලතන්නියට රැගෙන එන ලද කුණු කසළ තොගය හැටන් නගර සභාවේ සේවකයින් වෙත ප්‍රතිචක්‍රීකරණය සඳහා ලබා දෙන ලදී.

affiliate tracking url | Nike Shoes, Sneakers & Accessories