Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2018 16:47:42 Hours

නව මන්නාරම් රදගුරුතුමන් පිළිගැනීමේ උත්සවයට 54 වන සේනාංකයේ භට පිරිස්හි සහාය

මන්නාරම දිස්ත්‍රික්කයේ නව රදගුරු ලෙස පදවිප්‍රාප්ත ගරු දේවගැති ආචාර්ය එමානුල් ප්‍රනාන්දු පියතුමන් පිළිගැනීමේ උත්සවයට සහයෝගය ලබාදෙන මෙන් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ භට පිරිස් සෙනසුරාදා (30) දින මන්නාරම රදගුරු නිවස්නයේ දී එම උත්සවය පැවැත්වීම සඳහා ඔවුන්ට හැකි උපරිම සහයෝගය ලබාදෙන ලදි.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා කොළඹ අගරදගුරු අති උත්තම කාදිනල් මැල්කම් රංජිත් පීරිස් පියතුමන්, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, විශේෂ ආරාධිතයින්, ත්‍රිවිධ හමුදා හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පල්ලියේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මන්නාරම රදගුරු නිවසෙහි දේවගැති පූජ්‍ය වික්ටර් සුසෙයි පියතුමන්ගේ සම්බන්ධිකරණයෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ ගේ භට පිරිස් මෙසේ පිළිගැනිමේ උත්සව කටයුතු සඳහා එම ස්ථානය සරසමින් ශුද්ධ පවිත්‍ර කරමින් සහයෝගය ලබාදෙන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් අනුව 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ සෙනසුරාදා (30) දින රදගුරු නිවසට පැමිණ අදාල උත්සව කටයුතු සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් ලබාදෙන ලද සහයෝගය පිළිබඳ පූර්ව සාකච්ඡා පවත්වන ලදි.

කොළඹ අගරදගුරු අති උත්තම කාදිනල් මැල්කම් රංජිත් පීරිස් පියතුමන් මන්නාරම් බිෂොප් නිවස්නයේ පැවති නිල පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන ලදි.

මෙම අවස්ථාව සඳහා පූජකතුමන්ලා, බැතිමතුන්, ආරාධිතයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි විය.

Nike Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5