Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2018 09:10:23 Hours

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දීවෙන ප්‍රධාන මාර්ගය මහජනතාවට විවෘත වේ

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මීට දින කිහිපයකට පෙරකෙප්පපිලව් සහ සිනිමොට්ටෙයි ප්‍රදේශයන්හි ඉඩම්ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව ජනවාරි මස 01 දින තවත් ප්‍රජා සත්කාරක කටයුත්තක් ඉටු කරමින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන වට්ටපලායිසිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ පොදු මාර්ගය මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදි.

මෙම මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කිරීම හේතුවෙන් ආරක්ෂක හමුදාවන් විසින් මෑත දී නිවැරදි අයිතිකරුවන් සොයා ජනතා අයිතියට පත් කරන ලද නිවාස සහ දේපළ වෙත ඉතා පහසුවෙන් ගමනාගමන කටයුතු සිදු කිරිමේ හැකියාව ලැබෙන අතර,ප්‍රදේශයේ රථ වාහන ප්‍රවාහන කටයුතුවලට ද ඉන් විශාල පිටුවහලක් ලැබේ.

මීට ඉහත දී මහජනතාවට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය මඟහරමින් දිගු මාවතක් ඔස්සේ ගමනාගමන කටයුතු සිදු කළ යුතු වූ අතර,කිලෝමීටර් 2 ක් දිග මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන මෙම මාර්ගය විවෘත කිරීමත් සමඟඑමගමනාගමන කටයුතු ඉතා අඩුකාලසීමාවක් තුල දී සිදු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා උදා වී ඇත.

මුලතිව් ආරක්ෂක සේනා භට පිරිස්,මීට ඉහත දී සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කර ප්‍රතිසංස්කරණය කරන ලදකොට්ටඩි පූල්ලියාර් කෝවිල වෙත එදිනම (01) පැමිණි බැතිමතුන් පිරිසක් විසින් ආරක්ෂක හමුදාවන් සහ සාමාන්‍ය වැසියන් අතර අනෝන්‍ය අවබෝධය සහ සහයෝගය සනිටුහන් කරමින් දේව පූජාවක් ද පවත්වන ලදි.

latest Nike release | シューズ