Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2017 15:40:07 Hours

වැල්වැටිතුරේ ප්‍රදේශයේ මහත් ඉහළින් නත්තල් සැමරේ

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් හි දායකත්වය ඇතිව සෙනසුරාදා (23) දින වැල්වැටිතුරේ CSI දේවස්ථාන භූමියේදි නත්තල් බැති ගී ප්‍රසංගයක් පැවැත්විණි.

නත්තල් බැති ගී ප්‍රසංගය 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු යුද්ධ හමුදා කණ්ඩායම සහ දේවස්ථාන නත්තල් කැරොල් කණ්ඩායම එක්ව ඉදිරපත් කරන ලද අතර, ජෝයි ප්‍රදීප් කුමාර් පියතුමන් සහ රැල්ච් සොලොමන් සහෝදර තුමන් විසින් ආගමික වතාවත් සිදුකර නත්තලේ වැදගත්කම අවධාරණය කරන ලදි.

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් පරිදි, කිතුණු1 දේවස්ථාන ආගමික නායකයින් සමග සමීප සම්බන්ධතාවයෙන් මෙම උත්සව කටයුතු සංවිධානය කරන ලදී.

වැඩසටහන අවසානයේ නත්තල් සීයා විසින් එහි සිටින කුඩා දරු දැරියන් 80 සහ දේවස්ථානයේ සංගීත කණ්ඩයේ සාමාජිකයින් හට ත්‍යාග පාර්සල් බෙදා දුන්හ. එම ත්‍යාග පාර්සල් 52 වන සේනාංකයේ සේවය කරන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් නිළධාරින් සහ සෙසුනිළයින් විසින් ලබාදෙන ලද අතර එය ප්‍රදේශයේ දරුවන් දිරිගැන්වීමේ අරමුණින් සිදුකරන ලදි.

521 බළසේනාවේ බළසේනාධිපති කර්නල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි, 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු අණදෙන නිළධාරි, ලුතිතන් කර්නල් බි.ඩි.ටි.ඩි ජයරත්න, 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලඇණි අණදෙන නිළධාරි එච්.එම්.එල්.බි සමරකෝන්, 521 බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි සහ වැල්වැටිතුරේ පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාද ඔවුන් අතර විය.

Running sport media | Nike, adidas, Converse & More