Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2017 06:40:42 Hours

යුද්ධ හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ හී දස්කම් දැක්වුවන්ට මුදල් ත්‍යාග

37 වන වරටත් පවත්වන ලද ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ මෙවර යුද්ධ හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද අතර, එහි අවසන් තරඟ අඟහරුවාදා (19) දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දී පැවැත්විණ.

ජාතික තලයේ සිටින ස්කොෂ් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසක් දෙසැම්බර් 16 සිට 19 දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැති තරඟවලදි ඔවුන්ගේ දස්කම් සහ කුසලතාවයන් ප්‍රදර්ශනය කල අතර, ‘ඉතිහාසයේ පළමු වතාවට රට තුළ ක්‍රීඩාවේ උන්නතිය සඳහා දිරිගැන්වීමක් වශයෙන් මෙවර ජාතික ස්කොෂ් තරඟාවලිය - 2017’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි.

මෙවර පැවැත්වූ ‘ජාතික ස්කොෂ් ශුරතාවලිය -2017’ ඉසව් 08 ක් යටතේ ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් සහ යුද්ධ හමුදා ස්කොෂ් කමිටුවේ සම්බන්ධිකරණයෙන් පවත්වන ලදි.

අඟහරුවාදා (19) දින පැවති අවසන් තරඟාවලිය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

සමස්ථ තරඟාවලියේ විවෘත පිරිමි සහ කාන්තා ශුරතාවයන් පිළිවලින් රවිදු ලක්සරණ මහතා සහ මිහිලිය මෙත්සරණි මෙනවිය විසින් හිමිකරගත් අතර, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වු යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ව ක්‍රීඩාවට දිරිගැන්විමක් වශයෙන් එක් අයෙකුට රුපියල් 50,000/= බැගින් වූ මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකා ස්කොෂ් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එච්.ජී.ඉන්ද්‍රජිත් විද්‍යානන්ද, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, ජාතික ස්කොෂ් සංගමයේ සභාපති ගුවන් කොමදෝරු ඒ. අබේසේකර (විශ්‍රාමික), ජාතික ස්කොෂ් සංගමයේ ලේකම් කමාන්ඩර් ඩබ්.එස්.පි ජයවර්ධන (විශ්‍රාමික) එක්ව මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබීය.

බ්‍රිතාන්‍යයන් විසින් වර්ෂ 1906 දී ස්කොෂ් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර, එය වෘත්තීය ක්‍රීඩාවක් ලෙස ආසියානු ස්කොෂ් සම්මේලනයේ පිළිගැනිමෙන් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ 1981 වර්ෂයේ දී හඳුනාගනු ලැබීය. එතැන්පටන් ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩා සම්මේලනය ආසියානු ිස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු සෑම කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා ඉසව්වන් සඳහා වාර්ෂිකව සහභාගි වී තිබේ. වර්ෂ 1991 දී ආසියානු ස්කොෂ් කණිෂ්ඨ ශුරතාවලිය කොළඹ දී පවත්වන ලදි.

මෙම තරඟාවලියේ අවසන් තරඟවට නැරඹීමට සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

bridge media | Women's Designer Sneakers - Luxury Shopping