Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2017 15:16:23 Hours

ශ්‍රීලංජාආබමු නව රෙජිමේන්තු අධිපති වැඩ අරඹයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ (ශ්‍රීලංජාආබමු) 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු බදාදා (13) දින කුරුණෑගල හෙරලියවල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් හමුදා උත්සවයකින් වැඩ භාරගන්නා ලදි.

ශ්‍රීලංජාආබමු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එච්.එම්.ඩබ්ලිව්.බී තම්මිට විසින් නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු පිළිගත් අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු වෙත කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමීය.

එහිදී ඔහු විසින් දිවිපිදූ ශ්‍රීලංජාආබමු විරුවන් සිහිකිරීම පිණිස එම මූලස්ථාන රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදන ලදි.

ඉන්පසුව, සරඹ පිටියේ පැවති සම්මාන ආචාර පෙළපාලිය පිළිගත් නව රෙජිමේන්තු අධිපති, තම මූලස්ථාන සංචා‍රය මෙනෙහි කිරීම පිණිස රෙජිමේන්තු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කළහ.

නව ශ්‍රීලංජාආබමු රෙජිමේන්තු අධිපති සැරයන් නිවස්නයේ පැවති සියලු නිළයින් සඳහා වූ තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය.

නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් නලීන් බණ්ඩාරනායක, ශ්‍රීලංජාආබමු රෙජිමේන්තු මණ්ඩලයේ සාමාජිකයන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිළධාරීන්, අණදෙන නිළධාරීන් සහ සෙසුනිළයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම නව පත්වීමට අමතරව මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ධූරයද හොබවනු ලබයි.

මේ අතර, මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න තම ශ්‍රීලංජාආබමු රෙජිමේන්තු අධිපති ධූරයට ඉකුත් සෙනසුරාදා (9) දින සමුදෙන ලදි.

කඳවුරු සම්මාන මුරයකින්, සම්මාන ආචාර පෙළපාලියකින්, භට පිරිස් ඇමතීමකින්, සියලු නිළයින් සඳහා වූ තේ පැන් සංග්‍රහයකින් සහ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිදීමකින් දවසේ වැඩසටහන විචිත්‍රවත් විය.

එදින සන්ධ්‍යාවේ නිළධාරී නිවස්නයේ පැවති සමුගැනීමේ සාදයේදී නික්මයන රෙජිමේන්තු අධිපති වෙත විශේෂ සමරු ඵලකයක් ද පිරිනමනු ලැබීය.

Asics shoes | GOLF NIKE SHOES