Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2017 07:41:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය මියගිය රණවිරුවන් සිහිපත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මියගිය රණවිරුවන් හා සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරිමේ උත්සව මාලාවක් නොවැම්බර් මස 24 සහ 25 යන ‍දිනයන් හිදි පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

නොවැම්බර් 24 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වු අතර ඊට පසු දින (25) උදෑසන මහා සංඝ රත්නය විෂයෙහිලා හීල් දානමය පුණ්‍යකර්මයක්ද පැවැත්වින.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, අධ්‍යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් පරිපාලන මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරන ලදී.

පසුගිය මානුෂිය මෙහෙයුමේදි දිවි පිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරින් 5 දෙනෙකු හා සෙසුනිලයින් 64 දෙනෙකු හා විශ්‍රාම ගොස් මියගිය රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණිවිම මෙහිදි සිදුවිය.

මෙම ආගමික උත්සවය සඳහා ‍එම රෙජිමේන්තු කවුන්සිලයේ සමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි විය.

Sportswear free shipping | adidas poccnr jumper dress pants size