Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2017 20:17:43 Hours

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පුරාවිද්‍යා උරුමයන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් බදාදා (13) දින ආරක්ෂක සේනා මුලස්ථාන නිලධාරින් සදහා එම මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කයන් හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.ඩි. පාලිත විරසිංහ මහතා විසින් මෙහිදි දේශණ සහාය ලබාදෙන ලදි.

මෙම දේශණයේදී ශ්‍රී ලංකාවේ ඇති ජාතික පුරාවිද්‍යා ස්ථානයන් රැක ගැනිම සඳහා ගත යුතු ධනාත්මක හා ශක්තිමත් වැඩපිළිවෙල සබැදිව වැඩි අවධානයක් යොමුකරන ලදී.

නිලධාරින් 114 දෙනෙකු සහභාගි වු මෙම දේශණයේදී ජලගත පුරාවිද්‍යා (Under Water Archaeology) විෂය පිළබදව ද දැනුවත් කරන ලදි.

මෙම වැඩසටහන අවසානයේ බ්‍රිගේඩියර් රසික කරුණාතිලක විසින් කේ.ඩි. පාලිත විරසිංහ මහතා විසින් දක්වන ලද සහාය අගය කරමින් සමරු තිලිණයක් ද පිලිගන්වන ලදී.

Sports News | Nike