Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2017 11:03:15 Hours

වාර්ෂික ආහාර සැණකෙලිය යාපනයේදී

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘යාපනය ආහාර සැණකෙලිය - 2017’ දෙසැම්බර් මස 15 දින සිට 17 දින දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවත්විමට නියමිතව ඇත.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලබයි.

මෙම සැණකෙලියට, සිකුරාදා (15) දින ‘යාල ටියුන්ස්’සංගිත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංගීත සංදර්ශණයත්, සෙනසුරාදා (16) දින ශිව කුමාර් ප්‍රමුඛ ‘අග්නි’සංගිත කණ්ඩායම ඉදිරිපත් කරන ප්‍රසංගයත්සහ ඉරිදා (17) දින යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ප්‍රසංගයක් ද ඇතුළත් වේ.

උතුරු පළාත් හෝටල්හිමියන්ගේ සංගමය හා ඒකාබද්ධව මෙම ආහාර සැණකෙලිය පැවැත්වෙනු ඇත.

Nike Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival