Header

Sri Lanka Army

Defender of the Nation

10th December 2017 09:24:26 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදු කල නිල දේශනයේ දී හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගයේ වැදගත්කම පහදයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පී.එස්.සී උපාධිය හදාරන නිලධාරින් වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සම්ප්‍රදායානුකුලව සිදු කරනු ලබන නිල දේශනය බ්‍රහස්පතින්දා (07) දින උදෑසන එම විද්‍යාලයේ දී පැවැත්විණි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් පිළිගැනීමේ කථාව සිදුකිරීමෙන් අනතුරුව නිල දේශනය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කළහ.

අන්තවාදී ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීමෙහිලා සිවිල් හා යුද්ධ හමුදා ඒකාබද්ධ එකමුතු සහයෝගීතාවයේ ඇති වැදගත්කම යන මෑයෙන් සිදු කරන ලද එම දේශනයේදී අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ආරම්භය, ක්‍රමයෙන් පැතිරයාම සහ එවැනි තත්ත්වයන් වැලැක්වීමට ගතහැකි පියවර ඇතුළු කරුණු රාශියක් අන්තර්ගත විය.

වර්තමානයේ දී කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව උපාධි ප්‍රදානය කෙරෙන ආයතනයක් වන යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන්ගේ උද්යෝගය ඉහළ නැංවිමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේදි ප්‍රචණ්ඩභාවයට පත් කිරීම, අන්තවාදි ප්‍රචණ්ඩත්වය, ප්‍රචණ්ඩත්වය නැති කිරීම, යුද්ධ හමුදා සිවිල් ඒකාබද්ධ සහයෝගයේ වැදගත්කම අන්තවාදි ප්‍රචණ්ඩතාවයට එරෙහිව සිවිල්-යුද්ධ හමුදා ඒකාබද්ධවීමේ වැදගත්කම සහ එවැනි කරුණු පිළිබඳ ශ්‍රී ලාංකීය දැක්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනයට ඇතුලත් විය.

රජය විසින් සිදු කරගෙන යනු ලබන සාමය හා සංහිඳියා ක්‍රියාදාමයට සහයෝගය ලබාදිම වර්තමාන යුද්ධ හමුදාවේ ඉතා වැදගත් කාර්යභාරයක් බවත් එය ප්‍රචණ්ඩ අන්තවාදය පිටු දැකීමට සහ තිරසාර සාමය ඇති කිරීම ඉතා වැදගත් බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ. වර්තමාන සමාජ වටපිටාව තුල යුද්ධ හමුදාව ද සාමන්‍ය වැසියන් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් මෙහිදි අවධාරණය කළහ.

“කලහකාරි ප්‍රචණ්ඩත්වය නිරන්තරයෙන්ම ප්‍රචණ්ඩ අන්තවාදය ඇති කිරිමෙහිලා නැඹුරුවක් දක්වන අතර, එය ඉන් අනතුරුව ත්‍රස්තවාදය බවට පත් වේ. කලහාකාරි ප්‍රචණ්ඩත්වයට හේතුවන කරුණු රාශියක් ඇති අතර, අප විසින් එවැනි ප්‍රචණ්ඩ අන්තවාදි හැසිරීම් සහ ප්‍රචණ්ඩතාවය නොවලක්වන්නේ නම් එය ත්‍රස්තවාදය බවට පත්වේ.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.

අවබෝධයෙන් යුතුව සිවිල් සමාජය හා සුහද සාකච්ඡාවෙන් ක්‍රියා කිරීම සහ ජන සමාජයට ආධාර උපකාර කිරීමත් අන්තවාදයට ඇදියාමට ගත හැකි එක් ප්‍රධාන පියවරක් වන බවත් එවැනි අයවළුන්ට විකල්ප අවස්ථා ලබාදීමත් ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලාංකීය පශ්චාත් යුද ගැටුම් සමයේ එම සංකල්ප මනාව ප්‍රදර්ශනය කර ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය. 5 ආර් (5R concept) සංකල්පය යනුවෙන් ප්‍රචලිත පුනරුත්ථාපනය, ප්‍රතිසංස්කරණය, ප්‍රතිසමාජගත කිරීම, නැවත පදිංචි කිරීම සහ සංහිඳියාව යන සාධක වලින් සමන්විත ක්‍රියාවලිය, සිවිල් හමුදා ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමහිලා මහඟු උපකාරයක් වන බවත් මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

පුරා පැයක් පැවති යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනයෙන් අනතුරුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිසුන්ට ප්‍රශ්න ඇසීමට ද අවස්ථාවක් ලබාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් ඒ සඳහා පිළිතුරු සපයමින් ඔවුන් දැනුවත් කළහ.

එමෙන්ම, යුද්ධ හමුදාධිපතිතුමන් අධ්‍යාපනය ලබන නිලධාරින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දේශනය අවසානයේ පිටත්ව යාමට පෙර ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි ද සමරු සටහනක් තැබීය.

ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය විසින් සිදු කරන සේවය අගයමින් සමරු තිළිණයක් අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් වෙත පිළිගැන්වු අතර, යුද්ධ හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලද සංචාරය සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමන්ට ද සමරු තිළිණයක් මෙහිදි ප්‍රදානය කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය සඳහා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක - 11 හදාරනු ලබන නිලධාරින්, විදේශිය සිසුන් සහ එහි කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Best Authentic Sneakers | Nike