Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2017 22:59:14 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිකුරාදා (8) දින පැවති චාම් හමුදා සම්ප්‍රදානුකුල උත්සවයකින් අනතුරුව රාජකාරි අරඹන ලදි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 09 වන රෙජිමේන්තු අධිපතිවරයා වශයෙන් පත් වු මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න වෙත කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ විසින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ දී එතුමන් පිළිගන්නා ලදි.

ආගමික ආශිර්වාද මධ්‍යයේ නව තනතුරේ රාජකාරි ඇරඹූ නව රෙජිමේන්තු අධිපතිවරයා එම අවස්ථාව සිහිවනු වස් සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කළ ලද අතර, රට වෙනුවෙන් දිවිපිදු සිංහ රෙජිමේන්තු රණවිරුවන් එම රණවිරු ස්මාරකය අභියස මල් කලඹක් තැම්පත් කරමින් සිය ගෞරව ආචාර පුද කළහ.

සම්ප්‍රදායානුකුලව සංකේතාත්මකව නිල ලේඛනවලට අත්සන් තබමින් රාජකාරි ඇරඹු නව රෙජිමේන්තු අධිපතිවරයා ඉන් අනතුරුව සිංහ රෙජිමේන්තු නිලධාරින් සහ සෙසු නිලයින් අමතන ලදී.

එසේම, නව රෙජිමේන්තු අධිපතිවරයා සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගි වූ අතර, සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස ද මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න පසුගිය දා පත්විම් ලැබූහ.

Nike air jordan Sneakers | Air Max