Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2017 08:59:36 Hours

5 වසර ශිෂ්‍යත්වය සමත් යාපනයේ පාසල් සිසුන් අගයමින් වැඩිදුර අධ්‍යාපනය සඳහා සහාය

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් පාසල් සිසුන් දක්වන ලද දක්ෂතාවයන් අගයමින් එම දරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු සඳහා මුල්‍යාධාර ලබාදිමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලදි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ප්‍රතිඵල ලැබු සිසුන් දෙදෙනෙකු සඳහා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව 02 ක් ද සමගින් එම දරුවන් හට විශේෂ ත්‍යාග ප්‍රදානය කිරිමක් ද මෙහිදි යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ අනුග්‍රහයෙන් සිදුවිය.

මෑත දී දිවයින පූරා පවත්වන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් යාපනය සිසුන් වැඩි පිරිසක් උසස් ලෙස ලකුණු ලබාගෙන ඇති බව තහවුරු වී ඇති අතර, ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ අන්නතිකා උදයකුමාර් ලකුණු 194 ක් ලබාගනිමින් දිවයිනේ 17 වන ස්ථානය ද, (යාපනය දිස්ත්‍රික්කය දෙමළ මාධ්‍යය පළමු ස්ථානය) හිමිකරගෙන ඇත. එසේම, ශාන්ත බොස්කෝ විද්‍යාලයේ මෛත්‍රී රේ සහ මාදගල් විග්නේෂ්වර විද්‍යාලයේ ප්‍රදීස්වරන් අබිෂික් ලකුණු 193 ක් ලබා ගනිමින් දිවයිනේ 18 වන ස්ථානය ද (යාපනය දිස්ත්‍රික්කය දෙමළ මාධ්‍යය දෙවන ස්ථානය) හිමි කරගෙන තිබේ.

මිට අමතරව, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලම දක්ෂතා දැක්වු පාසල් සිසුන් සදහා පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය, වටිනා පොත් පාර්සල් සහ සමරු සිහිවටන ද පිළිගන්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවති මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ දෙමාපියන් එක්ව සිටියහ.

Sportswear free shipping | Air Max