Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2017 09:08:38 Hours

කෘෂිකර්ම කළමනාකරණ පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින්ට අධ්‍යාපනයක් ලබාදේ

‘හෙළ ගොවිකම්’ කෘෂිකර්මික කළමනාකරණ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 34 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය බ්‍රහස්පතින්දා (07) දින කලාඔය, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

වගා කටයුතු හා කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම ලබාදිමේ අරමුණින් මෙම පාඨමාලාව සැලසුම් කර ඇති අතර පාඨමාලා කාලය තුල යුද්ධ හමුදා සමාජිකයින් පැල වගා කිරිම සහ කෘෂිකර්මික කළමනාකරණ පද්ධති පිළිබඳවද දැනුමක් ලබාගන්නා ලදී.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ සමඟින් යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ශශික පෙරේරා ඇතුලු නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි විය.

Running sports | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5