Header

Sri Lanka Army

Defender of the Nation

09th December 2017 08:58:41 Hours

යුද්ධ හමුදා මනෝ විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් අධ්‍යාපනික වැඩසටහනක්

යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවිමෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පෞරුෂත්වය හා චරිත සංවර්ධන වැඩසටහනක් බදාදා (06) දින පනාගොඩ, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වන ලදි.

ඒ සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරින් 06 ක් සහ සෙසු නිලයින් 190 ක් සහභාගි වූහ.

විශේෂඥ මනෝ වෛද්‍ය කර්නල් රොෂාන් මොණරගල, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ලුතිනන් කර්නල් ඒ.ටි.සී ආරියරත්න ඇතුලු කොළඹ, යුද්ධ හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ නිලධාරින් කිහිපදෙනෙකු මෙහිදි දේශන පැවැත්විය.

සියදිවි හානිකර ගැනීම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය කළමණාකරනය, ජීවන කුසලතා වර්ධනය සහ ප්‍රිතිමත් විවාහ ජීවිත ගත කිරීම යන මාතෘකා කෙරෙහි මෙම අධ්‍යාපන වැඩසටහනේ දී අවධානය යොමුවිය.

Mysneakers | Sneakers Nike