Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2017 13:27:48 Hours

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානින් මුලතිව් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සංචාරයක

වවුනියාවේ ස්ථානගත ජාත්‍යන්තර රතු කුරුස කමිටු කාර්යාලයේ ප්‍රධානි ඈන් මෙලට් මහත්මිය සහ කොළඹ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස කමිටුආරක්ෂක කටයුතු සම්බන්ධිකාරක ජොසී ඩොනාඩියෝ මහත්මිය උතුරේ සිදු කල සංචාරයක් අතරතුර දී අඟහරුවාදා (05) දින මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු හමුවිය.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයින් එම ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදි ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති සේවය ඇගයීමට ලක් කරමින් ඒ සඳහා යුද්ධ හමුදාවේ සහාය ඉදිරියටත් ලබාදෙන බවට ප්‍රකාශ කළහ.

මෙම සුහද හමුව අවසානයේ දී, ඈන් මෙලට් මහත්මිය විසින් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථායේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි ද සමරු සටහනක් තැබීය. ජාත්‍යන්තර රතු කුරුස කමිටුව නියෝජිතයින් කඳවුරේන් පිටවයාමට පෙර මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් මෙම හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ ද ප්‍රදානය කළහ.

මේ අතර, ඈන් මෙලට් මහත්මිය උතුරේ සිදු කල සංචාරය අතරතුර, බ්‍රහස්පතින්දා (07) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනසමඟ ද සුහදව හමුවී සාකච්ඡා පවත්වන ලදි.

buy footwear | Nike