Header

Sri Lanka Army

Defenders of the Nation

logo logo logo

08th December 2017 13:09:57 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ ආරක්ෂාව’ පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙත ‘සයිබර් අවකාශයෙන් එල්ලවන අපරාධ සහ ඉන් ආරක්ෂාවීම’ පිළිබඳ වැඩසටහනක් බදාදා (06) දින පවත්වනු ලැබීය.

‘අන්තර්ජාලය නිවැරදිව භාවිතා කරන ආකාරයත්’, ‘සමාජ මාධ්‍ය’, ‘ද්වේශ සහගත වාර්තාවන් සහ සමාජ විරෝධි ක්‍රියාවන්’ස්මාට් ජංගම දුරකථන හා අනෙකුත් දුරකථන පිළිබඳ මෙහිදි දැනුවත් කරන ලද අතර, යුද්ධ හමුදා සාමාජිකයින් 144 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගි වුහ.

12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි කර්නල් සුරේෂ් පක්ෂවීර සිය දේශනයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් සයිබර් අවකාශය හා සම්බන්ධ අපරාධයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි පැහැදිලි කළහ.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුගිය ජුලි මාසයේ යුද්ධ හමුදාධිපති වශයෙන් රාජකාරි භාරගැනිමෙන් අනතුරුව, ලෝකය හමුවේ පවතින අභියෝගයන්ට සාර්ථකව මුහුණදිම සඳහා යුද්ධ හමුදා සමාජිකයින් සයිබර් අවකාශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ වැදගත්කම අවධාරණය කර තිබුණි.