05th December 2017 12:38:17 Hours
පුරා මාස 6 කට වැඩි කාලයක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි රාජ්‍යයේ බහුවිධ සංයුක්ත සාමසාධක රාජකාරින් මෙහෙයුම් හී ඉදිකිරීම් සේවා රාජකාරි කටයුතු ඉටුකල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ සෙසුනිලයින් 53 දෙනෙකු සිය රාජකාරි සාර්ථකව නිමාකොට අඟහරුවදා (05) දින උදෑසන දිවයිනට පැමිණියහ.
මෙසේ රාජකාරි සාර්ථකව නිමවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා ආපසු පැමිණි මෙම යුද්ධ හමුදා භට පිරිස එම පරිශ්‍රයේ දී, ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් රත්නායක, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රත්නසිරි ගනේගොඩ ඇතුළු ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
නුදුරේදීම, එනම් දෙසැම්බර් මස අග භාගයේදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි රාජ්‍යයේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය වෙනුවෙන් අවශ්‍ය නවාතැන්, වැසිකිළි පහසුකම්, ගබඩා සහ වෙනත් ඉදිකිරීම් අවශ්‍යතාවයන් සම්පුර්ණ කොට මෙම ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස පෙරලා දිවයින බලා පැමිණියහ.
මේ අනුව, හමුදා භටයින් 200 ක තවත් එක්සත් ජාතින්ගේ හමුදා භට පිරිසක් ලෙස මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රමික රථ ආරක්ෂක භට කණ්ඩායම ගොඩබිමෙන් වටවු වාර්ගීක ගැටුම්වලින් පීඩිත දකුණු අප්‍රිකානු රාජ්‍යයේ සාමය ස්ථාපිත කිරීමේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ රාජකාරින් සඳහා නුදුරේම පිටව යනු ඇත.
මාලි දේශයේ සාමය ඇති කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂිත වර්ගීකරණ යටතේ මෙම ශ්‍රි ලංකා භට පිරිස් කණ්ඩායම් වශයෙන් එහි පුමුඛතාවයන් හඳුනා ගනිමින් පිටත්ව යාමට නියමිත අතර, එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ප්තියේ 7 වන පරිච්ඡේදයේ සලසා ඇති නියමයන් අනුව එක්සත් ජාතින්ගේ සාමය බලාත්මක කිරිමේ හමුදා මෙහෙයුම් සඳහා මෙම භට පිරිස දෙසැම්බර් මස අග භාගයේ දී අවුරුද්දක කාලසීමාවක් සඳහා මාලි දේශය බලා පිටත්ව යාමට නියමිත ඇත.
මෙම සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය, රෙජිමේන්තු 10 කට අයත් යුද්ධ හමුදා නිලධාරින් 16 ක් සහ සෙසුනිලයින් 184 කින් සමන්විත වන අතර, භට පිරිසෙහි අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් කලණ අමුණුපුර රාජකාරි ඉටුකරනු ඇත.
එසේ මාලි දේශය බලා පිටත්ව යන යුද්ධ හමුදා භට කණ්ඩය පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර වෙත පිළිගන්වන ලදි.
Running Sneakers Store | Autres