Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2017 06:43:48 Hours

රුක් රෝපණ ව්‍යාපෘතියට 574 බල සේනාවේ ශ්‍රම දායකත්වය

‘වන‍රෝපා’ ජාතික රුක් ‍රෝපණ ව්‍යාපෘතියට සමඟාමිව රුක් රෝපණයේ වැදගත්කම අවධාරණය කරමින් කි‍ලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනංකයට අයත් 574 වන බල සේනාවේ භට පිරිස් විසින් තවත් රුක් රෝපණ ව්‍යාපෘතියක් බ්‍රහස්පතින්දා (23) දින කිලිනොච්චියේ දි සිදුකරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් අනුව එහිදි 574 වන බල සේනංකයේ බල සේනාංකාධිපති විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කරන ලද අතර බ්‍රහස්පතින්දා (23) දින ඒ - 9 මාර්ගයේ තිරිමුරුක්කකන්ඩි ප්‍රදේශයේ කිලෝමිටර 2 ක දුර ප්‍රමාණයක හා මාන්කුලම් ප්‍රදේශයේ කිලෝමිටර 2 ක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි මාර පැල 100 ක් සහ කුඹුක් පැල 100 ක් රෝපණය කරන ලදි.

එම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් 57 වන සේනාංකාධිපති විසින් පැලයක් රෝපණය කරන ලදි.

මේ සඳහා 572 සහ 574 බල සේනාංකාධිපතිවරුන්, ඔඩ්ඩුසුඩාන් සහකාර ප්‍රාදේශිය ලේකම්, උතුරු පළාත් නියෝජ්‍ය අඩවි වන නිලධාරි, රාජ්‍ය නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි විය.

Best Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK