Header

Sri Lanka Army

Defender of the Nation

23rd November 2017 13:24:14 Hours

සාමාන්‍ය පෙළ කඩඉම් විභාගය සඳහා පවත්වන අධ්‍යාපන සම්මන්ත්‍රණයට 22 වන සේනාංකයෙන් පහසුකම්

දෙසැම්බර් මස පැවැත්විමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කඩඉම් විභාගය සඳහා පෙනිසිටින සිසුන් වෙනුවෙන් ඉරිදා (19) දින කින්නියා, කිලිවෙඩ්ඩි මහා විද්‍යාලයේ පැවැත් වූ අධ්‍යාපනික සම්මන්ත්‍රණයට ත්‍රිකුණාමලේ පිහිටි 22 වන සේනාංකය විසින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදි.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ යෝජනාවකට අනුව පැවැත් වූ මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රදේශයේ සිසුන් 190 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ පළාතේ ප්‍රවීණ සහ ජනප්‍රිය ගුරුවරුන් විසින් ගණිතය ඇතුලු විෂයයන් සඳහා මෙහිදි දේශන පැවැත්විය.

224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කීර්ති කොට්ටේවත්ත ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාව සඳහා සහභාගි වූහ.

latest jordan Sneakers | UOMO, SCARPE