Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2017 18:11:46 Hours

යාපනයේ සර්ව ආගමික සමුළුවට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් පහසුකම් සැලසේ

යාපන ප්‍රදේශයේ ආගම් අතර, ආගමික සහජීවනය, අවබෝධය, සහ සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් සර්ව ආගමික සම්මන්ත්‍රණයක් යාපනය ශ්‍රී නාග විහාරය දී සිකුරාදා (17) දින පැවැත් වූ අතර, ඒ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන විසින් අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලැබීය.

මෙම වසරේ දෙවන වරටත් පැවැත්වුණු මෙම සර්ව ආගමික සම්මන්ත්‍රණය සඳහා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අති පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඟයා වහන්සේලා, කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයින් ද සහභාගි වූහ.

trace affiliate link | Sneakers Nike